නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මඩවලලන්ද මහා විද්‍යාලය
තොරතුරු මත පදනම්ව දැනුම පුපුරා යන විශ්ව සමාජයක සාමාජිකයන් බවට පත්වීම ලාංකික සමාජය වෙත එල්ල වන අභියෝගයකි.එවැනි අභියෝගයක් ජය ගැනීම සඳහා මඩවලලන්ද මහා විද්‍යාලය දරන උත්සහය සාර්ථක වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි.මානව සංවර්ධනය කේන්ද්‍ර කර ගත් සමාජයක බුද්ධිය විසින් හඳුනාගත් අසම්මතයන් බැහැර කිරීමටත් , සුභාවිතයන් හඳුන්වා දීමත් ඒ තුළින් විශ්ව සමාජයට ගැළපෙන සමාජයක් නිර්මාණය කිරීමටත් මෙවලම කරගත හැක්කේ අධ්‍යාපනයයි.මඩවලලන්ද ජාතික පාසල් ඉතිහාසය තුළ එම කාර්යය මනාව ඉටු කිරීමට සමත් පාසලක් ලෙස කීර්තියට පත්ව ඇත.
එහි තවත් පියවරක් ලෙස මඩවලලන්ද මහා විද්‍යාලයේ නව වෙබ් පිටුව ආරම්භය හා පවත්වාගෙන යාම පාසලේ උක්ත කාර්යය සඳහා පිටුවහලක් වනු ඇතැයි මාගේ හැඟීමයි.එම කාර්යය මානව සංහතියේම යහපත උදෙසා වූ සත් කාර්යයක් ලෙස පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
ජී.අයි.ජී.අනුර ගබ්බෙල
නියෝජ්‍ය විදුහල්පති
මඩවලලන්ද මහා විද්‍යාලය.
නියෝජ්‍ය විදුහල්පති
මඩවලලන්ද මහා විද්‍යාලය.